ඉන්දියාවේ පළමු ඉනිම ලකුණු 252 කට සිමා වෙයි


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමේ සියලු පිතිකරුවන් මීට නොබෝ වේලාවකට පෙර ලකුණු 252 කට දැවී ගියා. 

ෂ්‍රෙයාස් අයියර් ලකුණු 92 ක් රැස්කළ අතර රිෂාබ් පාන්ට් ලකුණු 39 යි. පන්දු යැවීමේදී ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 81 කට කඩුළු 03 ක් සහ ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 94 කට කඩුළු 03 ක් දවා ගත්තා. 

ධනංජය ද සිල්වා ලකුණු 32 ට කඩුළු 02 යි. සිය අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන සුරංග ලක්මාල් ලකුණු 12 කට එක් කඩුල්ලක් දවා ගත්තා. දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් වන තරගය පැවැත්වෙන්නේ බෙංගලූරු හිදීයි. 

Post a Comment

0 Comments