ඇමරිකාවෙන් අනතුරු ඇගවීමක් රුසියාවට

 

යුක්‍රේනයට එරෙහිව රසායනික අවි ප්‍රහාරයක් ක්‍රියාත්මක කළහොත්, රුසියාවට දරුණු තත්ත්වයකට මුහුණ දීමට සිදුවන බව, අමෙරිකාව පවසයි.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රතිඥා දෙමින් සඳහන් කර ඇත්තේ, තුන්වන ලෝක යුද්ධයකට කිසිසේත් අවතීර්ණ වීමට ඉඩ නොතබන බවය.

යුක්‍රේනය සහ අමෙරිකාව රසායනික සහ විද්‍යාත්මක අවි නිෂ්පාදනය කරන බවට රුසියාව කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ ය.

බටහිර රටවල් පවසන්නේ, එවැනි භාවිතාවක් වෙනුවෙන් රුසියාව මෙවැනි උපක්‍රම භාවිත කරන බවය.

බුද්ධි අංශ පිළිබඳ තමා කතා නොකරන බවත්, රාසායනික අවි භාවිතයක් සිදු කළහොත්, රුසියාවට දරුණු ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවන බවත් අමෙරිකානු ජනාධිපතිවරයා පවසයි.

ජෝ බයිඩ්න් මේ බව පවසා ඇත්තේ, රුසියාවට එරෙහි නව සම්බාධක පනවමින් ය.

මේ අතර, රුසියාව සමග පවතින සාමාන්‍ය වෙළෙඳ සබඳතා අවසන් කිරිමට අමෙරිකාව ඊයේ පියවර ගෙන තිබේ.

උපුටාගැනීම newsfast Sri Lanka

Post a Comment

0 Comments