ඒත් ඉතිහාසයේ සමහර අවස්ථාවලදී නාගයින් මිනිසුන්ට උදව් කරපු අවස්ථා නැතුවමත් නොවෙයි
අද අපි කියන්නට යන්නේ නාගයෙක් කුඩා බලු පැටවුන් දෙන්නෙකුට උපකාර කරපු අවස්ථාවක් ගැනයි
මේ පුංචි බලු පැටව් දෙන්නා කොහොම හරි වැරදිමකින් මේ ළිදට වැටිලා තියෙනවා
වැටුණු ගමන් එයාලා දැක්කා විශාල නාගයෙක් මේ ළිං පතුලේ ඉන්නවා
නයා දැක්ක ගමන් මේ දෙන්නා ලොකු සටනකට සැරසිලා තියනවා
හැබැයි නයානම් පෙරළා මෙයාලත් එක්ක සටන් කරලා නැහැ
ඒ වෙනුවට වලට වැටුණු මේ පොඩි පැටව් දෙන්නගේ බය තේරෙනවා වගේ පැත්තකට වෙලා බලන් ඉදලා තියෙනවා
පැටව් දෙන්නා වලට වැටුණු එක බලු අම්මට ඉක්මනටම දැනිලා තියනවා
අයිතිකාරයව කොහොම හරි මේ සිද්දිය ගැන දැනුවත් කරපු මේ බලු අම්මා වල ගාවට ඔහුව එක්ක ඇවිත් තියෙනවා
අවසානයේ පැය හතළිස් අටක් වල ඇතුලේ හිටපු බලු පැටව් දෙන්නව කට්ටිය එකතුවෙලා දැඩි උත්සාහයකින් ගොඩට අරන් තියෙනවා
දවස් දෙකක වගේ කාලයක් නාගයෙක් එක්ක හිරවෙලා හිටියත් පැටව් දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් නයාගෙන් හනියක් වෙලා නැති බව දැකලා අයිතිකාරයා අන්තිමේදී පුදුමයට පත්වෙලා
ඇත්තෙන්ම මේ කතාව ඔයාලගෙ හදවතටත් දැනුනා නේද
ඉතින් කෙනෙක් ආසරණ වෙලා බියට පත්වෙලා ඉන්න එක තේරුම් ගන්න පුළුවන් මිනිස්සුන්ට විතරක් නෙවෙයි කියලා මේකෙන් ඔප්පු වෙනවා
0 Comments