කුඩා අවධියේ පටන් මවක් සේ තමන්ව රැකබලා ගත් ලාංකික ගෘහ සේවිකාවකට සිය මුළු ජීවිත කාලයේදීම මවක් මෙන් රැකබලා ගන්නා බවට පොරොන්දු වන එමිරේට්ස් තරුණයෙකුගේ වීඩියෝ පටයක් සමාජ ජාල පරිශීලකයන් ගේ අවධානය දැඩිව ග්‍රහණය කරගත් පුවතක් වාර්තා වෙනවා
අදාළ කාන්තාව සැලී නම් වන අතර ඇය වසර තිස් හයක් පුරා එම එමිරේට්ස් ජාතික තරුණයා සහ ඔහුගේ සහෝදරයන් රැකබලාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ
විවාහක කාන්තාවක් වුවත් ඇයට දරුවන් නොසිටි අතර ඇය සේවය කර නිවසේ දරුවන්ට මවක් මෙන් කරුණාවෙන් සලකා තිබෙනවා
සේවය කරමින් සිටියදී එම ලාංකික කතගේ සැමියා හදිසියේම අසනීප වී ජීවිතක්ෂයට පත්වීම නිසා එම පුවත ඇයගේන් සඟවා මෙරටට යාමට සියලු පහසුකම් සැලසීමට ආදාල තරුණයා කටයුතු කර තිබෙන අතර එම කනගාටුදායක පුවත නිසා ඇය බෙහෙවින් කම්පාවනු ඇතැයි සිතමින් සිදුවීම සැඟවීමට ඔහූ උත්සාහ කර තිබෙනවා
එම එමිරේට්ස් තරුණයා විසින් සිය ලාංකික ආයම්මා ඉතාම ගෞරවයෙන් සහ ආදරයෙන් රැගෙන ගොස් ගුවන් තොටුපල වෙත ඇරලවා ඇයගේන් සමුගන්නා ආකාරය එම වීඩියෝ පටයේ දැක්වෙන අතර ඇයට කිසිම දුකක් දැනෙන්නට නොදී ඉතා ආදරයෙන් ඇයට මෙරටට ඒමට ආශිර්වාද කරන ආකාරයත් එම තරුණයාට ලාංකික කත විසින් ආශිර්වාද කරන ආකාරයත් පැහැදිලිව පෙනෙනවා
එමෙන්ම ලංකාවට ගොස් ජීවිත කාලයම තමන් හා ජීවත්වීමට යළි තම නිවසට පැමිණෙන ලෙස මෙම තරුණයා ඉල්ලා සිටින අතර එය අල්ලා දෙවියන්ගේ සහ තම පවුලේ කැමැත්ත බවද එම තරුණයා ඇයට පවසනවා
0 Comments