ගලේවල, මකුළුගස්වැව 07 කණුව ප්‍රදේශයේ 36 හැවිරිදි පුද්ගලයෙකු නිදි පැදුරේ සිටි තම දරු තිදෙනාට අමානුෂිකව ලෙස පහර දී පසුව ඔහු සිය දිවි නසාගෙන තිබෙනවා.
සියදිවි නසාගත් පුද්ගලයාගේ බිරිඳ මීට මාසයකට පමණ පෙර ඔහු හා අමනාපව දරු තිදෙනා ද දමා නිවසින් පිටව ගොස් ඇති බවයි වාර්තා වුණේ.
කෙසේ වෙතත් ඔහු මුහුණු පොතට පිවිස දුක් ගී ගායනා කර සුදු කොඩියක් ද දමා ඊයේ (12) රාත්‍රියේ දරු තිදෙනාට පහර දී තිබුණා.
පසුව දරුවන් මිය ගියේ යැයි සිතා ඔහු සිය දිවි නසාගෙන ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.
පහරදීමෙන් බරපතල තුවාල ලැබූ වයස අවුරුදු 13,08 හා 05 යන වයස්වල පසුවන දරුවන් මේ වන විට බරපතල තුවාල සහිතව ප්‍රතිකාර ලබනවා.
0 Comments