සංගීතයේ ටෙලි නාට්‍යයේ ඔබ ආදරේ කරපු ලවන් අභිෂේක් සහ දඟකාර නර්තන ශිල්පිනි සචිනි දිල්හාරාගේ ආදර කතාවට කණකොකා හඬයි
තරුණ ලවන් අබීෂේක් කලාවට පිවිසෙන්නේ දෙරණ නාලිකාවේ ඩ්‍රීම් ස්ටාර් හරහා හඬ පෞරුෂයක් සොයාගිය ගමනේ ප්‍රතිඵලයක් ලෙසයි
දෙරණ ඩ්‍රීම්ස් ස්ටාර් ගායන කුසලතාවයේ ඉදිරියෙන් ඉදිරියට ඇදුනද අවසානය පෙනි පෙනි නවතින්න වුණ ලවන් කලක් නිහඩව ඉන්නවා
නමුත් ටික කලකට පසූ දෙරණ අද්‍යක්ශක මන්ඩලයේම ආරාධනයක් හමුවේ තමාට අලුත් ක්ෂේත්‍රයක් වූ රංගන ක්ෂේත්‍රයට අවතීරණ වූ ලවන් රටක් ආදරය කරන අපූරූ පෙම්වතෙක් බටට පත්වෙනවා
තමාවත් නොදන්නා තමා තුළ තිබී හමු වූ රංගන කුසලතාවය හේතුවෙන් අද ලවන් ප්‍රේක්ෂකයින් වැළඳගන්නේ සංගීතයේ අහිංසක පෙම්වතා වූ අහිංසක මහී ලෙසයි
ඉතින් මහීව දැන් නොදන්නා කෙනෙක් නැති තරම්
මහීව එහෙමත් නැතිනම් ලවන්ව හොඳටම ගැලපෙන්නෙ අසීනිටමයි කියලා කියපු අය බොහෝ හිටියා
අසිනී කියන්නේ තරුණ ජනප්‍රිය නිළියක් වන ගීත්මා බණ්ඩාරයි
එහෙම හිතපු ප්‍රේක්ෂක ජනතාවගේ සිහින බොඳ කරමින් මීට අවුරුදු තුනකට කලින් හෙලිවුනා ලවන්ගේ අවුරුදු තුනක සැඟවුණු ප්‍රේම කතාව
එහි හිමිකාරිය වූයේ දක්ෂ දඟකාර කෙලිලොල් චරිතයක් වූ නර්තන ශිල්පිනියක් වන සචිනි දිල්හාරයි
ඇය එකල නර්තනය පමණක් කලත් මේ වන විට රංගනය නිරූපණය නිවේදනය යන සියලු ක්ෂේත්‍ර වල නියැලෙන්නීයක් වී හමාරයි
ඔවුන් දෙදෙනාම ආදර කතාව පටන් ගැනීමට පෙර සිටියාට වඩා දැන් බොහොම ජනප්‍රියයි
කෙසේ හෝ මෙම ජනප්‍රියතාවය නිසාම දැන් දෙදෙනා වෙන් වීමට තීරණය කරලා තියෙනවා
ලවන් තමයි මුලින්ම ඇගෙන් වෙන්වෙන්න අවශ්‍ය බව ප්‍රකාශ කරලා තියෙන්නෙ
ඒ වෙලාවේ ඇය මානසිකව ඇද වැටිලා තියෙනවා
එය කොතරම් බලපෑවද කියනවනම් ඇයට රෝහල්ගත වීමට පවා සිදු වෙලා තිබෙනවා
ඇයි මේ බව ඇය මේ ලඟදි සහභාගීවූ යම් යූටියුබ් වැඩසටහනකදී ප්‍රසිද්ධියේම පවසලා තියෙනවා
ඔබට මේ දිනවල දැකගන්න පුළුවන් ලවන් මේ වනවිට ඔහුගේ නිල ඉන්ස්ට්‍රග්‍රෑම් වල සහ ෆේස්බුක් එකවුන්ට් වල ඇගේ සහ ඔහුගේ ඡායාරූප ඉවත් කරලා තිබෙනවා
කෙසේ හෝ ලවන් තවමත් මේ බව ප්‍රසිද්ධියේ කිසිම තොරතුරක් ප්‍රකාශයට පත් කරලා නැහැ කියලා තමයි අපට තවදුරටත් දැනගන්න ලැබෙන්නේ
0 Comments