ජනප්‍රිය නිළි දුලිකා මාරපන අතුලගේ නමත් කියමින් ඇමති ජොන්ස්ටන්ට බනින වීඩීයෝවක් නිසා අතුලගේ දියණිය කාවින්දයා දුලිකාට ඇයගේ මුහුණු පොතෙන් ඒකට සැර උත්තරයක් දීලා තිබුණා
ඉතින් මේකට නැවත වතාවක් උත්තරයක් දෙමින් දුලිකා මාරපන සිය මුහුණු පොතේ පලකර තිබුණේ මෙවන් කතාවක්
මේ එම සටහනයි
සමාවෙන්න , අපහාස කිරීමක් නැත . අතුලලා යන්නෙන් අදහස් කරේ මේ සමස්ත සමාජයම ජොනී ගේ පාදඩ කතාව හෝ තර්ජනයන් ඉවසන සමාජයක් නොවනබව . ඔහු සමාජය මර්ධනය කරන්නට හෝ ජනතා අරගලයට පහරදෙනවා යැයි කීම සම්බන්ධව
මා කල ප්‍රකාශයක් . ඔහු හිතනවා නම් මේ සමස්ත සමාජය ඔහුගේ කෙනෙහිලි කම් ඉවසනවා කියා එය විහිලුවක් .
අර්ථය නිවැරදිව තේරුම් ගන්නට හැකිනම් ඉතා යහපත් ...
මාගේ ආදරණීයයන් කිසිවකුගේ සිතරිදවීමට හෝ අපහාස කිරීමට උවමනා වක් නැත .
යමෙකුගේ සිත රිදුනා නම් සමාවෙන්න
නමුත් ජොන්ස්ටන් පාර්ලිමේන්තුවේ කල ප්‍රකාශය මා එක හෙලා විරුද්ධයි . මන්ද ඔහු සිතා සිටිනවා නම් මේ ජනතා අරගලය මර්ධනය කිරීමට , ආයුධවලින් , ඔහුට කියන්නට ඇත්තේ ඔහුත් මේ රටේ සිරගත කල යුතු තවත් එක දූෂිත , අමන ,වංචාකාරී දේශපාලකයෙක් කියාය.
ඉතිහාසයේ පටන් මැර බලයෙන් ජනතාව සමග ගනුදෙනු කිරීම ඔහුට පුරුද්දක් ඇති බව රටම දනිමු .සතොස හොරකම් වංචාවන් අපි හොදින් දනිමු. කුරුනෑගල රෙසවේශන් ඉඩම් වලට වගකිවූවන්ද අපි දනිමු .
කුරුණෑගලට නොගිහින් තවමත් කොළඹ city hotel නතරවී සිටින්නේද එනිසාය.
නිවෙන්නට ආසන්න වූ කල පහන්දැල්ල වේගයෙන් නටන්නා සේ වියරුවෙන් දගලන කැනහිලුන් අපි උත්තරීතර පාර්ලිමේන්තුවට යැවීමේ ප්‍රතිපල අපි භුක්ති විදිමු.
බලයට තන්හාවෙන් කෑදරකමින් නිධානයට අරක්ගත් කුම්භාන්ඩයත් මෙන් තවමත් මෙය අත්නොහැර සිටින්නේ , මෙහි වරප්‍රසාද වරදාන කෙසේ ඇත්දැයි උපකල්පනය කරන්නට වත් අපිට නොහැක .
මේ රට ගොඩගන්න කොටින් ගෙන් ගත් රත්තරං හා ආයුධ විකුනූ මුදල්ම ප්‍රමානවත්ය . ඒවා අල්ලන කොට කීවේ රටේ සංවර්ධනයය යොදනවා කියාය.
නමුත් අවසානයේ රට අගාධයෙන් අගාධයට යනතුරු දේශපාලුවෝ හාල් ගැරුවෝය .
නාසය ලගට වතුර එන තෙක් අපි බලා සිටියෙමු....
0 Comments