වන අලි ප්‍රහාරය ගැන සිහිය ආපූ තරුණයා කියපු බිහිසුණු කතාව.....

 


පසුගිය දිනක කොස්ලන්ද උඩදියලුම ප්‍රදේශයේ කඳවුරු බැඳ සිටියදී වන අලි ප්‍රහාරයකින් තරුණියක් මියගොස් තරුණයෙක් තුවාල ලබා රෝහල්ගත කෙරුණා.


රෝහල්ගත කල තරුණය එම බිහිසුනු සිද්දිය ගැන පවසා සිටියේ මෙසේයි.


"බයික් දාපූ සැනින්.. කොල්ලෙක් ආවා දුවගෙන ගයිඩ් විදිහට. අපිව පහළට එක්කගෙන ගියා. ටිකක් පහළ තැනක් සුද්ද කරලා තිබුණා. එයාම සුද්ද කළේ කිව්වා. එතන ටෙන්ට් එක ගහන්න කිව්වා." 


"උඩහින් තමයි අලි එන්නේ වතුර බොන්න. ඔය හරහා එන්නේ නැහැ කිව්වා. අපි නූඩ්ලිස් උයලා කෑවා. කාලා එහෙම ටිකක් නිදාගත්තා. නිදාගෙන ඉන්නකොට සද්ද ඇහුණා.. අපිත් එක්ක බල්ලෙක් හිටියා. බල්ලත් එක්ක ඔට්ටු වෙනවා ඇහුණා. මම හිතුවේ වල්ඌරෙක් කියලා."


"අලි සද්දයක්වත් ඇහුණේ නැහැ මට. බල්ලා එක්ක ඔට්ටු වෙලා ටෙන්ට් එකේ වැදුණා. ටෙන්ට් එකේ වැදුණත් එක්කම අලියා විසිවුණා. ඊට පස්සේ ආයේ ටෙන්ට් එකට කඩාගෙන ආවා. ටෙන්ට් එක ඉරුනා.  එහෙම්මම මම ටෙන්ට් එක ඈත් කළා. හරි ගියේ නැහැ." 


"අලියා වටේම කැරකෙන්න ගත්තා. මට මොනවා වුණත් කමක් නැහැ එයාට මුකුත් වෙන්න එපා කියලා.. මම එයාව බදාගෙන එයාගේ උඩට ආවා. තේරුණා.. අලියා පාගනවා මාව. මම සද්ද නැතුව එහෙමම හිටියා. බය වෙන්න එපා කියලා එයාට කිව්වා. කකුල අහුවෙලා තිබුණා එයාගේ එයා ඒත් පැය 4ක් විතර මාත් එක්ක හොඳට හිටියා. මගෙන් වෙන මුකුත් ඇහුවේ නැහැ. ඇවිදින්න කකුල හදාගන්න පුළුවන් වෙයි නේද කියලා ඇහුවා. ඇතුළෙන් ලේ ගිහින් මොනවා හරි වෙලා තිබිලා. පැය 4ක් ඉඳලා එයාට කලන්තේ කිව්වා. මගෙන් වතුර ඉල්ලුවා. මටත් නැඟිටින්න බැහැ අමාරුයි. මම කොහොමහරි බෑග් එක කරලා. එයාට වතුර දුන්නා. එයා එහෙමම ඇල වුණා. කලන්තෙ කිව්ව නිසා මම හිතුවා කලන්තෙට එයාට නින්ද යන්න ඇති කියලා. මටත් චුට්ටක් නින්ද ගියා. 1990ට ගහන්න ඇත්තට ඔලුවට ආවේ නැහැ. මම කොල් කළා යාලුවට.  කෝල් එක ගන්න යන්න කලින් ටිකක් එළිය තිබුණා. මම එයාව බැලුවා. එයා කතා කළේ නැහැ. මම නාඩි බැලුවා. හරිගියේ නැහැ. නාඩි වැටෙන්නේ ‍නැහැ. එයාගේ ඇස් දෙක යට කළුවෙලා. එතකොට තමයි දැනගත්තේ එයා මගේ ළඟ නැහැ කියලා."

Post a Comment

0 Comments