පවන් පිළියන්දල, ගොරකපිටිය ප්රදේශයේ පදිංචි 19 හැවිරිදි වියේ පසුවූ තරුණයෙක්
බෝකුන්දර ප්රදේශයේ මාර්ගයක තරගයට යතුරුපැදි ධාවනය කිරීමට ගොස් යතුරුපැදි දෙක මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරෙන් 19 හැවිරිදි මෙම තරුණයා ජීවිතක්ෂයට පත්ව තිබේනවා
අනතුරට පත් අනෙක් තරුණයා බරපතළ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ
මේ මියගිය පවන් ගැන ඔහූගේ මිතුරන් තැබූ සංවේදී සටහන් කිහිපයක්
කොච්චර කිව්වත් උබ ඇහුවේ නෑ මල්ලී 💔 හැමවෙලේම කිව්වේ උබ.. හරි ඔයලත් ඉතින් ඒ කාලේ පැද්දෙ දැන් අපි පදින්නම් කියලා. 😭 දර දිග දැකපු නිසයි කිව්වේ මල්ලී එපා කියලා දකින හැම වෙලේම ඒකයි අපිත් නතර කලේ . 💔💯 ඉන්න තැනක සතුටින් ඉදපන්
හිත් අස්සේ උන්නට ඇස් අස්සේ තියන් රකින්න බැරි උන !
අපට අහිමි වෙච්ච අපිව අහිමි වෙච්ච !
හරි ලස්සන ජිවිතයක් උබ එශු !!
උබ කතා කරේ ඇයි කියන්න මං දන්නේ නෑ .
ඒත් ඒ මග හැරුන ඇමතුම මැරෙනකල් මගේ හිතේ තියෙයි ! උබේ හීනෙම උබව අපිට නැති කරා !
බයික් එක ගත්තා දා ඉදන් මම හැමෝටම කිව්ව දේ උබටත් කියලා ඇති " හිමින් පලයන් ,හිමීට යමන් " ඒත් උබ වෙනුවෙන් කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ මටවත් කාටවත්
අද උබ වෙනුවෙන් දාන අන්තීම ස්ටේටස් එක පොස්ට් එක කියලා දැනෙද්දී දැනෙන වේදනාව වචන වලට පෙරලන්න බෑ ! 💔😭
උබ රේස් එකෙන් දිනලා ! ජිවිතේන් පරාද උනා එශු
හැමාදාම කියනවා පරිස්සමෙන් ඉන්න කියලා උබට මෙහෙම දෙයක් වෙයි කියලා බයට මොනා කරන්නද ඔයා ගෙනාපු ආයුශ මෙච්චරයි මැණික 🙏🙏🙏🙏 අක්කට ඔයාව ගොඩක් මතක් වෙනවා බං මොනා කරන්නද 🥺🥺 උබේ ජිවිතේ හොදම කාලේදි උබ යන්න ගියේ 🥺🙏🙏 මැණික උබට ආදරේයි හැමාදාම උබේ අක්කා වගේ
ඉතින් මෙලෙස අවාසනාවන්ත ලෙස මියගිය තරුනායට අපිත් නිවන් සුවය ප්රාර්ථනා කරනවා
0 Comments